• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- දෙරටෙහි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සහයෝගිතාව ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, අතිගරු ජනාධිපතිතුමාගේ එළඹෙන බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ බංග්ලාදේශ ජනරජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.