• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම
- අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් මඟින් අපේක්ෂිත ඉලක්ක ළඟා කරගැනීම සඳහා උපාධිධාරින්ගේ සේවය ලබාගැනීම වැදගත් වන අතර, විශේෂයෙන්ම දත්ත හා තොරතුරු එක්රැස් කිරීම, වාර්තා සකස් කිරීම වැනි කාර්යයන් සඳහා ඔවුන්ගේ සේවාව අවශ්‍ය වේ.

එබැවින්, ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රජයේ ආයතන සඳහා බඳවාගත යුතු කාර්යමණ්ඩල අවශ්‍යතාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා වසරක පුහුණු කාලයකට යටත්ව උපාධිධාරින් දිස්ත්‍රික් පදනම මත බඳවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.