• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා නැව් සංස්ථාව හා බංග්ලාදේශ ජාතික නැව් සංස්ථාව අතර නාවික ව්‍යාපාර පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම
- බංග්ලාදේශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර නාවික සේවා ගිවිසුමක් 2011 වර්ෂයේදී අත්සන් තබනු ලැබ ඇති අතර, එකී ගිවිසුම අනුව සමුද්‍රීය සබඳතාවලට අදාළව රටවල් දෙකේ පාර්ශ්වයන් විසින් ඒකාබද්ධ අධ්‍යයනයක් සිදු කිරීමටත්, ඒ සඳහා ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායමක් ස්ථාපිත කිරීමටත් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව පිහිටුවන ලද ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායම විසින් සාකච්ඡා පවත්වන ලදුව සකස් කරනු ලැබ ඇති නාවික ව්‍යාපාර පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම, අතිගරු ජනාධිපතිතුමාගේ එළඹෙන බංග්ලාදේශ නිල සංචාරය අතරතුරදී ලංකා නැව් සංස්ථාව හා බංග්ලාදේශ ජාතික නැව් සංස්ථාව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.