• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් අනන්‍යතා ලියාපදිංචිය හඳුන්වාදීම
- ශ්‍රී ලාංකිකයින් සඳහා ගෘහස්ථ ගෙවීම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ විෂය පථයේ පවතින සංකීර්ණත්වය හේතුවෙන් එය නැවත සමාලෝචනය කරනු ලැබ තිබේ. ඒ අනුව, සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම නිශ්චිත විද්‍යුත් ලියාපදිංචි අංකයක් ලබා දීමටත්, එමඟින් රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර සහ වෙනත් ප්‍රතිලාභ කඩිනමින් ඵලදායීව මහජනතාව අතට පත් කිරීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.