• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මයික්‍රෝ: බිට් (micro:bit) අධ්‍යාපනික පදනම සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුම
- පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඩිජිටල් නිපුණතාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගන්නා ලදුව, ඒ සඳහා 'මූලික දෘඪාංග භාවිතය මඟින් සම්බන්ධ වන දේවල් පිළිබඳ දැනුම්වත්භාවයක් ලබා දීම' (Awareness of Internet of Things (IoT) through use of basic Hardware) නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යාංශය සහ මයික්‍රෝ: බිට් (micro:bit) අධ්‍යාපනික පදනම අතර වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණු කිරීමේ උපකරණ කට්ටල මිල දී ගැනීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.