• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් මට්ටමින් කවෂිමා කොම්පෝස්ට් යන්ත්‍ර ස්ථාපිත කිරීම
- වර්තමානයේ පළාත් පාලන ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ජපාන කවෂිමා තාක්ෂණය අනුගමනය කරමින් පළාත් නවය (09) තුළ කොම්පෝස්ට් අංගණ ස්ථාපිත කිරීම සඳහා කවෂිමා කොම්පෝස්ට් යන්ත්‍ර නවයක් (09)ක් මිල දී ගැනීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.