• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් සඳහා පාවහන් යුගල ලබා දීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා වශයෙන් සැලකෙන පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පාවහන් යුගලක් වාර්ෂිකව ලබා දීමේ වැඩසටහන රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවන අතර, සපයනු ලබන පාවහන් සිසුන්ගේ පාදවල ප්‍රමාණයන් හා නොගැළපීමේ ප්‍රායෝගික දුෂ්කරතාද මතුව ඇත. ඒ අනුව, නිෂ්පාදකයන් අතර තරගකාරිත්වය ඉහළ නංවමින් සිසු දරුවන් හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් පාවහන් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, 2017 වසර සඳහා පාසල් සිසු දරුවන් හට පාවහන් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී, පාවහන් මිල දී ගැනීම සඳහා මුදල් වවුචරයක් ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.