• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහරගම, අපේක්ෂා රෝහල සඳහා පෙට්/සීටී ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීම
- පෙට්/සීටී ස්කෑනර් යන්ත්‍රය මඟින් ඉතා නිවැරදිව හා පහසුවෙන් මුල් අවධියේදීම පිළිකා හඳුනා ගන්නා බැවින්, එමඟින් පිළිකා සඳහා කඩිනමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව හිමිවේ. මහරගම, අපේක්ෂා රෝහල සඳහා උසස් තත්ත්වයේ පෙට්/සීටී ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා පරිත්‍යාගශීලී මහජනතාව විසින් සෞඛ්‍ය සංවර්ධන අරමුදලට විශාල වශයෙන් ආධාර මුදල් බැර කරන ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම අරමුදල් උපයෝගි කරගනිමින් අදාළ යන්ත්‍රය මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.