• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත නව ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- පහත සඳහන් ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා මහල් 06ක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා දේශන ශාලා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම.