• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම
- කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා එය ලාභදායී ආයතනයක් වශයෙන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තවත් ඇමතිතුමන්ලා 07 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, මිනිරන් කැණීම කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගම විසින්ම කරගෙන යාමටත්, එම සමාගමට වැඩි අයිතියක් පැවරෙන පරිදි මිනිරන්වල එකතු කළ අගය වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජනයක් ද සහිතව නව සමාගමක් පිහිටුවීම ඇතුළු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.