• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන ජාතික පොලිස් විද්‍යාපීඨයේ නිලධාරින් සඳහා නිල නිවාස ඉදි කිරීම
- පොලිස් නිලධාරින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් කටාන ජාතික පොලිස් විද්‍යාපීඨයේ දෛනිකව පුහුණු පාඨමාලා 05ක් පවත්වනු ලබන අතර ඒ සඳහා නිලධාරින් 250ක් පමණ සහභාගි වේ. එකී පුහුණු පාඨමාලාවලට අදාළ පරිපාලන කටයුතුවල නිරත නිලධාරින්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයිය යුතු අතර, ඒ සඳහා නිල නිවාස 11ක් ඉදි කළ යුතු වේ. ඒ අනුව, 2017 වර්ෂය සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් එම නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.