• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් ඇතිකිරීම සඳහා පාසල් පන්ති කාමර නවීකරණය කිරීම
- පසුගිය දශක 06 තුළ සිදු වී ඇති සමාජ ආර්ථික සංවර්ධනයන්ට සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේද ශීඝ්‍රයෙන් නවීකරණය වෙමින් පවතින අතර, ඒ යටතේ නව විෂයමාලා සංවර්ධනය, ප්‍රායෝගික පරීක්ෂණ හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද යාවත්කාලීන කිරීම හා කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් නිපුණතා ඉහළ නැංවීම වැනි ධනාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය නවීන පහසුකම් සහිත පාසල් පන්තිකාමර, විද්‍යාගාර, පරිගණක මධ්‍යස්ථාන හා භාෂාගාරද පාසල්වල ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබ ඇත. එයට සමගාමීව පැය ගණනාවක් එක් ස්ථානයක වාඩි වී අධ්‍යයන කටයුතුවල නිරතවන දරුවන්ට වඩා පහසුවෙන් අධ්‍යයන කටයුතු කර ගෙන යාම සඳහා 2017 වර්ෂයෙන් ආරම්භ කර ඉදිරි වසර 04 ඇතුළත රජයේ සියලු පාසල් පන්තිකාමර සඳහා දැනට භාවිතා වන දැව/යකඩ මිශ්‍ර ඩෙස් පුටු වෙනුවට PVC රහිත පොලිමර් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද ගෘහභාණ්ඩ ලබා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.