• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු නිවාස ව්‍යාපෘති යටතේ ඉදි කරන ලද නිවාස සඳහා හිමිකම් ඔප්පු නිකුත් කිරීම
- වතු ප්‍රජාව සඳහා නිවාස ඉදි කර දීම පිණිස 2010 වර්ෂයේ සිට 'නව ජීවන' නිවාස වැඩසටහන හා 'හරිත රන්' නිවාස වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර 2016 වර්ෂය තෙක් පිළිවෙලින් ඒ යටතේ නිවාස 1,122ක් හා 1,742ක් ඉදි කර වතු ප්‍රජාව වෙත භාර දී ඇත. 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ තවත් නිවාස 2,000ක් සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘති මඟින් නිවාස 1,134ක් ඉදි කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත. වතු ප්‍රජාව සඳහා උසස් ජීවන තත්ත්වයක් සහිතව වඩා පහසුකම් සහිතව ජීවත්වීම පිණිස නිවාස ඉදි කිරීම සඳහා විධිමත් අයිතිය සහිතව පර්චස් 7 බැගින් වූ ඉඩම් කොටසක් බැගින් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බැවින්, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා 'නව ජීවන' නිවාස වැඩසටහන හා 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කර භාර දී ඇති නිවාස සඳහාද විධිමත් පරිදි හිමිකම් ඔප්පු ලබා දීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.