• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහබේරියතැන්න ගොවිපළ ඉඩමේ පදිංචි කම්කරුවන් සඳහා නිවාස සෑදීමට ඉඩම් වෙන් කර දීම
- වතුවල සේවය කරනු ලබන සේවකයන්ට ඉඩම් අයිතිය සමඟ නිවසක් ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා 2015 අප්‍රේල් මස 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තියක් වශයෙන් අනුමැතිය ලබා දී ඇත. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මහබේරියතැන්න ගොවිපළ තුළ කම්කරුවන් 210 දෙනෙකු ස්ථිරව පදිංචිව සිටින අතර, ඔවුන්ට නිවාස ඉදි කරගැනීමට පර්චස් 07 බැගින් ඉඩම් කොටස් ලබා දීම සඳහා අක්කර 12ක් වෙන් කර දීම පිණිස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එකී ඉඩම් ප්‍රමාණය වෙන් කර දීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.