• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර හා කෘෂිකර්මය සඳහා වූ පැළෑටි ජාන සම්පත් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ සාමාජිකත්වය වෙනුවෙන් දායක මුදල් ගෙවීම
- රටවල් 128ක් සාමාජිකත්වය දරන මෙම සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම සම්මුතියට ඇතුළත්වීම මඟින් ආහාර නිෂ්පාදනය හා කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධනයට අයකිරීමකින් තොරව නිදහසේ ප්‍රවේශවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබේ. ඒ අනුව එම සම්මුතියට අදාළව ශ්‍රී ලංකාව වෙනුවෙන් 2016 හා 2017 වර්ෂවල දායකත්ව මුදල් ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.