• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු හා ජපන් රජයයන්ගේ සහයෝගයෙන් ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාර දෙකක් (02) ස්ථාපනය කිරීම
- රජයකින් රජයකට පදනම යටතේ මෙගාවොට් 500 බැගින් වන ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 02ක් ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම සඳහා ඉන්දියානු හා ජපන් රජයන් වෙත ශ්‍රී ලංකා රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව එකී බලාගාර 02 ඉදි කිරීම පිණිස වන අභිප්‍රාය ලිපි ඉන්දියානු හා ජපන් රජයන් වෙත ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා; සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.