• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතක දී ඇති වූ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ දේපළ පුනරුත්ථාපනය හා නැවත ඉදි කිරීම
- මෑතක දී ඇති වූ ගංවතුර, නායයෑම් සහ සුළි සුළං ආදී අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ දේපළ පුනරුත්ථාපනය හා නැවත ඉදි කිරීම පිණිස රුපියල් බිලියන 50 - 60ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තු කරනු ලැබ තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5ක් පමණ වනු ඇති අතර මේ සඳහා අලුතින් ප්‍රතිපාදන සලසා දීම දුෂ්කර වේ. එබැවින්, 2017 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති විවිධ ව්‍යාපෘතිවල ප්‍රමුඛතාව නැවත සමාලෝචනය කිරීමෙන් හා 2017 වර්ෂය තුළ විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් ඉතිරි වේ යැයි අපේක්ෂිත අරමුදල් සහ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් කොටසක් උපයෝගි කරගනිමින් නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාදයකින් තොරව සලසා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.