• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
- රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නාමය 'ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව' වශයෙන් වෙනස් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සිදු කරමින් 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස 2013 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවේ නිර්දේශ සහ රක්ෂණ කර්මාන්තයේ නියුතු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සැලකිල්ලට ගනිමින් තවදුරටත් සංශෝධනය කරනු ලැබ ඇත. යෝජිත සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.