• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනය ස්ථාපනය කිරීම
- රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව මත පදනම් වූ ව්‍යාපෘති තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම හා එවැනි ව්‍යාපෘති සම්බන්ධ කටයුතුවලදී අමාත්‍යාංශ සහ අනෙකුත් රජයේ ආයතන වෙත මගපෙන්වීම සඳහා දැනට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින 'රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා අංශය' වෙනුවට ඒ සඳහා ප්‍රමාණවත් නෛතික, පරිපාලනමය හා මූලය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන්, 'රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනය' ස්ථාපනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.