• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සය වන, SAARC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම 2017 ජූලි 27-29 දක්වා කොළඹ දී පැවැත්වීම
- කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානයේ (SAARC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව 2017 ජූලි මස 27-29 දක්වා දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී කලාපයේ රටවල් මුහුණ දෙන පොදු අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කර පැනනැඟී ඇති ගැටලු සඳහා මුහුණ දීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණීමට හැකි වනු ඇත. එසේම, එකී සමුළුවට සමගාමීව SAARC සෞඛ්‍ය ලේකම්වරුන්ගේ, තාක්ෂණික කමිටුවේ සහ SAARC විද්වත් කණ්ඩායමේ රැස්වීම් 2017 ජූලි මස 27සහ 28 යන දිනවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව, මෙම සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දැරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.