• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ඔසු ගොවි සමාගමේ කටයුතු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තවදුරටත් පවත්වාගෙන යාම
- දේශීය ඖෂධ නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට දේශීයව නිෂ්පාදනය කිරීමේ අරමුණින් 2004 වර්ෂයේදී ආරම්භ කරන ලද ඔසු ගොවි ගම්මාන ව්‍යාපෘතිය 2007 වර්ෂයේදී සීමාසහිත ඔසු ‍ගොවි සමාගම වශයෙන් සංස්ථාගත කරනු ලැබ තිබේ. දේශීය ඖෂධ නිෂ්පාදන මිලට ගැනීම, ඔසු ගොවීන්ගේ තත්ත්වය නඟා සිටුවීම, දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම යන අරමුණු වෙනුවෙන් මෙම සමාගම ක්‍රියාත්මක වේ. මෙම සමාගම රජයට වැය බරක් නොවන පරිදි රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා පදනම යටතේ හවුල් ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යාම සහ ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවන ලද නමුත් එ‍් සඳහා සුදුසු ආයෝජකයෙකු ඉදිරිපත් වී නොමැත.

එබැවින්, දේශීය ඖෂධ ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින්, ශාකමය ඖෂධ නිෂ්පාදනයේ ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීමේ අරමුණින් මෙම සමාගමේ කාර්යයන් තවදුරටත් පවත්වාගෙන යාම පිණිස එහි වත්කම් සහ සම්පත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත පවරා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.