• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුව සමඟ ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික සහයෝගිතාව
- අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී කරන ලද සිය රුසියානු නිල සංචාරය අතරතුරදී ඇති කරගත් එකඟතාවන් සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් එයට අදාළ ආයතන සමඟ ඇති කරගන්නා ලද සහයෝගිතාවන් අනුව අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ජාතික ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම හා සංවර්ධනය සඳහා දෙරට අතර දැනට ආරම්භ කර ඇති මූලාරම්භයන් තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය.

ඒ අනුව, ආකාශ තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය සහ යෙදවුම්, රොබෝ විද්‍යාව සහ ජෛව ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවල මානව සම්පත් ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම සඳහා කෙටි කාලීන පුහුණු වැඩසටහන්, පශ්චාත් උපාධි පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හා විද්‍යාඥයින්ට පුහුණු අවස්ථා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.