• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම
- ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයකදී ආපදාවට පත් වූවන් බේරාගැනීමේ මෙහෙයුම් හා කඩිනම් සහන සැලසීම ඇතුළු සියලු සහන සැලසීමේ කටයුතු වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, එම කාර්යාලවල සේවය කරන අනෙකුත් අමාත්‍යාංශවල නිලධාරින්ගේ සහ අදාළ ආයතනවල සහාය ලබාගැනීමටත්, එවැනි අවස්ථාවලදී කාර්යක්ෂම සහ ස්වාධීනව අවශ්‍ය කාර්යයන් ඉටු කිරීමට වුවමනා වියදම් දැරීමටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවැරීම ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.