• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල ඝන අපද්රාව්ය බහාලුම් ස්ථානය නාය යෑමෙන් මියගිය පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලබා දීම
- මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ මධ්යතස්ථානයේ සිදු වූ නාය යාම හේතුවෙන් පවුල් 393ක පුද්ගලයින් 1,670ක් අවතැන් වූ අතර, නිවාස 60ක් සම්පූර්ණයෙන්ම, තවත් නිවාස 27ක් අර්ධ වශයෙන් ද හානියට පත් විය. එසේම අවදානම් සහිත නිවාස 201ක් හඳුනාගෙන ඇති අතර එම සිදුවීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු මරණයට පත් විය. 2017 අප්‍රේල් මස 25 දින පැවැති අමාත්ය3 මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි -

• විපතට පත් වූ පවුල් අතුරින් කැමැත්ත ප්රලකාශ කළ පවුල් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද නිවාස ලබා දීම;

• නිවාස ලබාගැනීමට අකමැති වූ පවුල් සඳහා හානි වූ නිවසේ තක්සේරු වටිනාකම ලබා දීම;

• හානි වූ නිවෙස්වල හිමිකරුවන්ට ගෘහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් 250,000/- ලබා දීම;

• අවදානම් ස්ථානවලින් ඉවත් කළ පවුල් සඳහා මසකට රුපියල් 50,000/-බැගින් මාස 03ක කාලයකට ලබා දීම;

• ස්ථිර නිවාසවල පදිංචිය සඳහා යන පවුල් වෙනුවෙන් රුපියල් 10,000/-ක ප්රලවාහන දීමනාවක් ලබා දීම යනාදී සහන සැලසීමට දැනටමත් පියවර ගනු ලැබ ඇත.

එකී සහනවලට අමතරව මියගිය පුද්ගලයින් වෙනුවෙන් එක් අයෙකුට ජාතික ස්වාභාවික ආපදා සඳහා වූ රක්ෂණාවරණය යටතේ රුපියල් 100,000/-ක් හා මහා භාණ්ඩාගාරය මඟින් ලබා දෙන රුපියල් 900,000/-ක් වශයෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්ය් අනුර ප්රිබයදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්යම මණ්ඩලය විසින් අනුමත කරන ලදී.