• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙහෙයුම් කල්බදු පදනම (Operating Lease Basis) යටතේ රජයට වාහන අත්පත් කරගැනීම
- ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රයෝජනය සඳහා යතුරු පැදි 800ක් සහ ලෑන්ඩ් කෲසර් වාහන 250ක් වශයෙන් වාහන 1,050ක් ලබාගැනීමට අවශ්‍ය වී තිබේ. පවත්නා වෙළඳපොළ මිල ගණන් අනුව මේ සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් අවශ්‍ය වේ. රජය විසින් දැරිය යුතු අවදානම සහ ණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගැනීමේ වාසිදායක තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය මූල්‍ය කල්බදු ක්‍රමය වෙනුවට මෙහෙයුම් කල් බදු ක්‍රමය යටතේ මෙම වාහන ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.