• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තරුණ උපාධිධාරින්හට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
- රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා තරුණ උපාධිධාරින්ගේ සහභාගිත්වය දිරිගැන්වීමේ අරමුණින් නව ව්‍යා‍පාර ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1.5ක උපරිමයකට යටත්ව ණය පහසුකම් ලබා දීමට 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගිවීමට ලංකා බැංකුව හා මහජන බැංකුව එකඟතාව පළ කර තිබේ. මේ යටතේ ණය පහසුකම් ලබා දීම සඳහා පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා අයදුම්පත් 80ක් ලැබී ඇත. එම ව්‍යාපාරික සැලසුම් ඇගයීමට ලක් කළ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ආංශික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපාරික සැලසුම් 40ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුව මඟින් ණය මුදල් ප්‍රදානය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.