• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිතින් මඟින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතින් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීම
- පොලිතින් හා ප්ලාස්ටික් මඟින් ඇති වී තිබෙන පාරිසරක ගැටලු අවම කිරීම සඳහා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීමේ අරමුණින් ජාතික ප්රාතිපත්තියක් හා ක්රිරයාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට 2016 සැප්තැම්බර් මස 06 දින පැවැති රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එලෙස පත් කරන ලද විද්වත් කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති ක්රි යාකාරි සැලැස්ම තුළ අන්තර්ගත පහත සඳහන් කෙටිකාලීන, මධ්ය කාලීන හා දිගුකාලීන ක්රිඅයාකාරකම් ක්රිලයාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්ය‍තුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්රීනපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කෙටිකාලීන ක්රිීයාමාර්ග :-

• ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරැසිලි කටයුතුවලදී පොලිතින් භාවිතය තහනම් කිරීම.

• මයික්රෝ න 20ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය, විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිය එලෙසම ක්රිපයාත්මක කිරීම.

• අත්යනවශ්යි කාර්යයන් සඳහා මයික්රෝනන 20ට අඩු පොලිතින් භාවිතය මධ්යල පරිසර අධිකාරියේ අනුමැතිය මත පමණක් සිදු කිරීමට අවසර දීම.

• ආහාර එතීම සඳහා භාවිතා කරන දවටන (Lunch Sheets) දේශීය භාවිතය සඳහා ආනයනය, නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීම.

• පොලිස්ටයිරින් අමුද්ර,ව්යප ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි, ප්ලාස්ටික් පිඟන් කෝප්ප සහ හැඳි ආනයනය, නිෂ්පාදනය,විකිණීම සහ භාවිතය තහනම් කිරීම.

• පොලිතීන්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීම.

• භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවලදී පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ලබන පොලිතින් ඇසුරුම්වලට විකල්ප වශයෙන් කඩදාසි, පන්, රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබා දීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ‍ජෛව හායනයට ලක් වීම මඟින් දිරාපත් වන ප්ලාස්ටික් ද්රේව්ය යොදා ගැනීම ප්ර්වර්ධනය කිරීම.

• විවෘත භූමිවල පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීම.

• ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්රපව්යක හඳුන්වාදීම හා ප්රීචලිත කිරීම.

මධ්යතකාලීන ක්රිටයාකාරකම් :-

• ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්ර>ව්ය භාවිතා කර නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා අවශ්ය් යන්ත්රෝමපකරණ ආනයනය කිරීමේදී බදු සහන ලබාදීමටත්,

• ප්ලාස්ටික් අමුද්රනව්යඅ හා ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයේදී 15%ක සෙස් බද්දක් අය කිරීම.


දීර්ඝ කාලීන ක්රි<යාකාරකම් :-

• ප්රඅතිචක්රීියකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්ර ව්යb ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීම.