• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජාතික යන්ත්‍රණය ස්ථාපිත කිරීම
- 2015 වර්ෂයේදී පැරීසියේදී පැවැති, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියෙහි 21 වන සමුළුවෙහි පාර්ශ්වකරුවෙකු වශයෙන් ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි. ඒ යටතේ 'ජාතික වශයෙන් යෝග්‍ය හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාකාරකම්' (Nationally Appropriate Mitigation Actions - NAMA) සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීමේ ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය නම් කිරීමත්, ඊට අදාළ සම්බන්ධීකරණ ඒකකය එම අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාල තුළ ස්ථාපිත කිරීමටත්, එකී ජාතික සම්බන්ධීකරණ ඒකකය මඟින් අනුමත කරනු ලබන ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය හා ඒ සඳහා අවශ්‍ය ආයතනික රාමුව ස්ථාපනය කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.