• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර වන 'අත්කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුම' (The Acquisition and Cross-Servicing Agreement) අලුත් කිරීම
- ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන් අතර අවශ්‍ය අවස්ථාවලදී සැපයුම් හා සේවා හුවමාරු කරගැනීමටත් කාර්යමණ්ඩල පුහුණු කිරීම හා ආපදා අවස්ථාවලදී මානුෂීය සහාය ලබා දීම සම්බන්ධයෙන් වසර 10ක කාලයක් සඳහා වලංගු වන ගිවිසුමක් 2007 මාර්තු මස 05 දින අත්සන් තබනු ලැබ ඇති අතර මේ වන විට එකී ගිවිසුමේ වංගු කාල සීමාව අවසන්ව ඇත. එකී ගිවිසුම තවදුරටත් බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ තිබේ. පවතින ගෝලීය ආරක්ෂක තත්ත්වයන්, ජාත්‍යන්තර සම්බන්ධතා තවදුරටත් ධනාත්මකව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සහ නව තාක්ෂණික, පුහුණු හා සංවර්ධන අවස්ථා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම යන කරුණු සැලකිල්ලට ගෙන එකී ගිවිසුම තවදුරටත් බලාත්මක කිරීම පිණිස යෝජිත ගිවිසුම දෙරට අතර අත්සන් තැබීමට නියමිත බවට ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.