• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය හා ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය හා ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ සංවර්ධන සහයෝගිතාව පුළුල් කිරීමේ අරමුණින් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත් සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දෙරට අතර එකඟතාව ඇති කරගෙන ඇති අතර නුදුරේදී බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත අතිගරු ජනාධිපතිතුමාගේ නිල සංචාරය අතරතුරදී අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.