• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොත්මලේ මහවැලි මහා සෑය පුදබිම මහවැලි සංස්කෘතික පදනම් භාරය වෙත පවරා දීම
- දැනට ඉදිවෙමින් පවතින කොත්මලේ මහවැලි සෑයේ ඉදි කිරීම් කටයුතු නිම කිරීම, මහවැලි මහා සෑයේ ඉදිරි නඩත්තු හා ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සහ බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහවැලි සංස්කෘතික පදනම් භාරය පිහිටුවා ඇත. එම භාරයේ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා කොත්මලේ වික්ටෝරියා කලාපයේ පිහිටි අක්කර 40 රූඩ් 03 පර්චස් 31.6ක රජයේ ඉඩම් කොටස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද නිර්දේශ ලබාගෙන නිදහස් දීමනා බලපත්‍රයක් මඟින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.