• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ බංග්ලාදේශයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පුහුණු කිරීම සම්බන්ධයෙන් තොරතුරු, විශේෂ දැනුම හා සම්පත් හුවමාරු කරගැනීම සහ අදාළ ක්‍රියාකාරකම් හා වැඩසටහන්වලට සහභාගීවීම සඳහා පහසුකම් සැලසීම පිණිස යෝග්‍ය රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ බංග්ලාදේශයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමකට අතිගරු ජනාධිපතිතුමා විසින් නුදුරේදී බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත නිල සංචාරයේදී අත්සන් කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.