• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය හා ජාත්‍යන්තර හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ බංග්ලාදේශ ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
- අත්දැකීම්, විශේෂඥ දැනුම හා පර්යේෂණ ප්‍රකාශන අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කරගැනීමත්, දිගුකාලීන හා කෙටිකාලීන පදනමින් පර්යේෂකයන් හා විශේෂඥයන් හුවමාරු කරගැනීමත්, අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සිදු කිරීමත් අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා වූ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය හා ජාත්‍යන්තර හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ බංග්ලාදේශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අතිගරු ජනාධිපතිතුමා විසින් නුදුරේදී බංග්ලාදේශයේ සිදු කිරීමට නියමිත නිල සංචාරයේදී අත්සන් කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.