• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ශික්ෂණ රෝහලෙහි හෘද රෝග ඒකකය ඉදි කිරීම
- නැ‍ඟෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම රෝහලක් වන මඩකලපුව ශික්ෂණ රෝහලෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් නොව අම්පාර, ත්‍රිකුණාමලය ආදී අවට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවටද තෘතීයික රෝගී සත්කාරක සේවා සපයනු ලැබේ. හෘද චිකිත්සක ඒකකයක් නොතිබීම හේතුවෙන් ඉහළ මට්ටමේ හෘද වාහිනී ප්‍රතිකාර සඳහා රෝගීන් දුර බැහැර පිහිටි වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට සිදු වන බැවින් මඩකලපුව ශික්ෂණ රෝහලෙහි හෘද චිකිත්සක ඒකකයක් ඉදි කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගනු ලැබ තිබේ.

මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 13 දෙනෙකු ඉදිරිපත් වී ඇත. එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Ancheneye Constructions (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.