• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආඝාත ඒකකය මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි ඉදි කිරීම
- 'ආඝාතය', වැඩිහිටි ආබාධිතතාව සඳහා ප්‍රධාන හේතුවක් වන අතර නිසි ප්‍රතිකාර හා පුනරුත්ථාපන පහසුකම් මඟින් එය සුවපත් කළ හැකිය. වර්තමානයේදී ආඝාතය රෝගයට ප්‍රතිකාර කළ හැකි දියුණු පහසුකම් සහිත ප්‍රතිකාර ඒකකයක් ඇත්තේ රාගම පුනරුත්ථාපන රෝහලෙහි පමණි. එබැවින් ආඝාත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා ජාතික ආඝාත ඒකකය මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි ඉදි කිරීමට යෝජනා වී තිබේ.

මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු ඉදිරිපත් වී ඇත. එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s RN Constructions (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.