• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා ඉදි ‍‍කෙරෙමින් පවතින මහල් 10 කින් යුතු ගොඩනැඟිල්ල මහල 16 ක් වශයෙන් වැඩි කිරීම
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා මහල් 10 කින් යුතු ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 3,896.55ක ඇස්තමේන්තුවට යටත්ව පිරිමැවුම් කර ඉදි කර භාරදීමට අදාළ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් අතර මේ වන විට එම ඉදි කිරී‍ම් කටයුතු සිදු කරමින් පවතී. යෝජිත ගොඩනැඟිල්ලේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම අංශ සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා දීමට ප්‍රමාණවත් නොවන බැවින් තවත් අමතර මහල් 06ක් අලුතින් එක්කර මහල් 16ක් වශයෙන් ගොඩනැඟිල්ල ඉදි කිරීමටත්, ඒ අනුව අදාළ ඇස්තමේන්තුව මුදල රුපියල් මිලියන 3,896.55 සිට රුපියල් මිලියන 5,979.29 දක්වා වැඩි කිරීමටත්, කලින් එකඟවී ඇති පරිදි අදාළ ඉදි කිරීම් කටයුතු පිරිමැවුම් කර ඉදි කර භාරදීමේ පදනම යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.