• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා නව හෙද නේවාසිකාගාරය ඉදි කිරීම
- ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ 750ක් පමණ හෙද කාර්යමණ්ඩලයක් රෝගී සත්කාරක සේවා සැපයීමෙහි නිරතව සිටින අතර, නේවාසික පහසුකම් සලසනු ලැබ ඇත්තේ ඉන් හෙද කාර්යමණ්ඩලයේ 200 දෙනෙකුට පමණි. ඒ අනුව, හෙද කාර්යමණ්ඩලයේ තවත් නිලධාරින් 300 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි නව හෙද නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sripalie Contractors (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.