• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පොළ මූලික රෝහලේ (ශික්ෂණ) හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සහ අනතුරු වාට්ටු, ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීම
- ඇඳන් 350කින් පමණ සමන්විත ගම්පොළ මූලික රෝහල මධ්‍යම පළාතේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහලක් ලෙසද ක්‍රියාත්මක වේ. එබැවින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමට සහ වැඩි රෝගීන් සංඛ්‍යාවකට උසස් තත්ත්වයේ රෝගී සත්කාරක සේවාවක් සැලසීමට හැකි වනු පිණිස එම රෝහලේ දැඩි සත්කාර ඒකක, අනතුරු වාට්ටු හා ශල්‍යාගාර පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, මෙම මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සහ අනතුරු වාට්ටු, ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Electro Metal Pressings (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.