• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
- විශ්වවිද්‍යාවල පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කොට ඒවාට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමට හා දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් පේරාදෙණිය, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, වයඹ සහ විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 14ක් රුපියල් මිලියන 7,640.23ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2018 - 2020 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.