• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල ගොඩනැඟිලි ඉදි කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- පහත දැක්වෙන විශ්වවිද්‍යාල 06හි ඉදි කිරීම් වැඩ විෂයයන් 08ක් සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිණිස තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇත. ඒ අනුව, ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කළ තාක්ෂණ ඇගයීම් කමිටුවල සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණය සඳහා අධ්‍යයන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම.

* ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාක්ෂණ ඉගෙනුම් දෙපාර්තමේන්තුව සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම.

* කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ බටහිර ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය දීර්ඝ කිරීම සහ ඉංජිනේරු පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.