• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතක නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි සහ කම්හල් ප්‍රතිස්ථාපනය කිරීම ‍ සඳහා මහල් දහ හතක නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.