• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ මාර්ගය වැඩිදියුණු කිරීම
- ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඔරුගොඩවත්ත සිට කඩුවෙල දක්වා වන ජලය බෙදා හැරීමේ නළ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වී තිබේ. යුරෝ මිලියන 46.21ක මුදලකට මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස 2017 මාර්තු 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් 85%ක් ලබා දීම සඳහා ඔස්ට්‍රියාවේ යුනි ක්‍රෙඩිට් බෑන්ක් ආයතනය එකඟ වී ඇති අතර ඉතිරි 15%ක අරමුදල් අවශ්‍යතාව ලබා දීමට මහජන බැංකුව එකඟ වී ඇත. ඒ අනුව අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.