• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මතුගම නගරයේ දෙමළ මාධ්‍ය ද්විතීයික විද්‍යාලයක් ආරම්භ කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම අධ්‍යාපන කලාපයේ ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙනු ලබන වතු හා අනෙකුත් පාසල් 18ක් තිබෙන අතර එම පාසල් සියල්ලම පළමු වසරේ ‍සිට 5 වසර දක්වා පමණක් පන්ති පවත්වනු ලබන ප්‍රාථමික පාසල් වේ. එම කලාපයේ ද්‍රවිඩ මාධ්‍යයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබාගැනීම සඳහා සුදුසු පාසලක් නොමැති අතර බොහෝ විට ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ට කළුතර හෝ හොරණ කොට්ඨාසවල පිහිටි පාසල්වලට ඇතුළත් වීමට සිදු වේ. එසේම විද්‍යා හෝ ගණිත විෂයයන් ගෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට අනිවාර්යයෙන්ම බේරුවල හෝ දර්ගා නගර අධ්‍යාපන කලාපයේ පාසල් වෙත යාමට සිදුව ඇත.

එබැවින් මතුගම නගරය ආශ්‍රිතව ද්‍රවිඩ මාධ්‍ය ද්විතීයික පාසලක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මැතිතුමා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මතුගම නගරය ආශ්‍රිතව ද්‍රවිඩ මාධ්‍ය ද්විතීයික පාසලක් ආරම්භ කිරීමටත්, ඒ සඳහා නමුණුකුල වතු සමාගම විසින් පාලනය කරනු ලබන මතුගම වත්තෙන් අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.