• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා ඉඩමක් ශ්‍රී ලංකා පොලීසිය වෙත අත්පත් කර ගැනීම
- දැනට වසා දමා ඇති පාසල් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන බුලත්සිංහල පොලිස් ස්ථානය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස බුලත්සිංහල ග්‍රාම නිලධාරි වසමේ, අතුර ගමේ පිහිටි, හොරණ වැවිලි සමාගමට අයත් අක්කර 04ක පමණ ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.