• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත නගර සභාව, හලාවත ප්‍රාදේශීය සභාව සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් සඳහා ඉඩම් කොටසක් නිදහස් කිරීම
- හලාවත නගර සභා බල ප්‍රදේශය තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 18 - 20 ත් අතර ප්‍රමාණයක් එකතුවන අතර, හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ දෛනිකව එක්රැස් වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙලින් මෙට්‍රික් ටොන් 06ක් හා මෙට්‍රික් ටොන් 05ක් පමණ වේ. එම ඝන අපද්‍රව්‍ය විද්‍යාත්මකව සැලසුම් නොකරන ලද ස්ථානවල බැහැර කිරීම සිදු වන අතර ඒ හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටලු උද්ගත වී තිබේ. ඒ අනුව, මෙම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුනෙහි එක්රැස් වන නොදිරන කසල කළමනාකරණය සඳහා ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් දැනට භුක්ති විඳිනු ලබන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ, කරුක්කුලිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මානාවේරියවත්ත නම් ඉඩමෙන් අක්කර 05ක ඉඩම් කොටසක්, වසර 30ක බදු පදනම මත හලාවත නගර සභාව වෙත පවරා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.