• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක තැපැල් දින සැමරුම 2017 - පොළොන්නරුව
- 2017 ඔක්තෝබර් 09 දිනට යෙදෙන 143‍ වන ලෝක තැපැල් දින සැමරුම් උලෙළ උතුරු මැද පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ලෝක තැපැල් දින ජාතික සැමරුම් උත්සවය අතිගරු ජනාධිපතිතුම‍ාගේ ප්‍රධානත්වයෙන් 2017 ඔක්තෝබර් 09 දින පොළොන්නරුවේදී පැවැත්වීමටත්, ඊට සමාගමීව පොළොන්නරුව හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල තැපැල් හා උප තැපැල් කාර්යාල 34ක් නවීන පහසුකම් සහිතව අලුත්වැඩියා කිරීමටත්, තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් ලේ දන්දීමේ ව්‍යාපාර සහ සමාජ සේවා ව්‍යාපෘති ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමටත්, 25,000ක් පමණ වන තැපැල් කාර්ය මණ්ඩලය ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු සංවිධානය කර ඇති බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.