• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් කාන්තාවන්ට හා ළමයින්ට අත්‍යවශ්‍ය සුබසාධන හා ජීවනෝපාය සංවර්ධන කටයුතු සිදු කිරීම
- මේ වර්ෂයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හා නායයාම් නිසා විපතට පත් කාන්තාවන් හා ළමුන්ට අත්‍යාවශ්‍ය සහන සේවා සැපයීම පිණිස රුපියල් මිලියන 75ක මුදලක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත වෙන් කර දී ඇත. විපතට පත් කාන්තාවන් සහ ළමුන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මේ වන විටත් විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශ සහන සලසා ඇත. ආදායම් මාර්ග බිඳවැටී ඇති පවුල්වල ජීවනෝපාය නැවත සකසා දීම සහ එම පවුල්වල දරුවන්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසීම අරමුණු කරගනිමින් එකී අරමුදල් යොදා ගෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක් වූ පවුල්වල කාන්තාවන් හා ළමුන්ගේ සුබසාධනය සඳහා අඛණ්ඩව මූල්‍ය සහාය ලබා දීම පිණිස තිරසර යන්ත්‍රණයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.