• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ බැටළුවන් ඇති කිරීමේ කර්මාන්තය නැංවීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට බැටළුවන් ආනයනය කිරීම
- ශ්‍රී ලංකාව තුළ බැටළු පාලනය ප්‍රධාන වශයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල සහ උතුරු හා වයඹ පළාත්වල පිහිටි පෞද්ගලික ගොවිපළ තුළ සිදු කරනු ලැබේ. එම ගොවිපළවල්වල දැනට සිටින සතුන් අන්තර් අභිජනනය හේතුවෙන් නියමිත මට්ටමට වර්ධනය නොවන බැවින් උසස් ආරයේ අභිජනන බැටළුන්ගේ අවශ්‍යතාව මතු වී තිබේ. 1980 දශකයේ මුල් භාගයෙන් පසුව ශ්‍රී ලංකාවේ බැටළු පාලනය සඳහා නව ජාන හඳුන්වා දීමක් සිදු වී නොමැත.

ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් අභිජනනය සඳහා සුදුසු පිරිමි බැටළුවන් 25 දෙනෙකු හා ගැහැනු බැටළුවන් 100 දෙනෙකු ආනයනය කිරීමටත්, ඒ සඳහා 2017 අයවැය ප්‍රතිපාදන මඟින් වෙන් කර ඇති රුපියල් මිලියන 10ක මුදලක් යෙදවීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.