• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ තේ වගාව හා සම්බන්ධ පළිබෝධ හා රෝග කළමනාකරණය සඳහා ඵලදායී ජෛව පාලන කාරකයන් හඳුනා ගැනීම සඳහා පර්යේෂණය සිදු කිරීම
- තේ ඉඩම්වල ඵලදායිතාව හා ලාභදායීත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ තේ වගාවට හානිකර පළිබෝධ වන වේයන්, කම්බිලි පණුවන් සහ තේ වගාවේ මූල පද්ධති හා කඳ ආශ්‍රිත රෝග කළමනාකරණය සඳහා සුදුසු ජෛව පාලන කාරකයන් වෙන් කිරීම, හඳුනාගැනීම, වර්ග කිරීම, වැඩි දියුණු කිරීම සහ එකී ක්‍රම භාවිතයේ ප්‍රතිඵල ඇගයීම පිණිස විශ්ලේෂණයක් සිදු කිරීම පිණිස ඉන්දියාවේ, 'සීමාසහිත සින්ක්‍රෝමැක්ස් බයෝටෙක් පුද්ගලික සමාගම' (Synkromax Biotech (Pvt) Ltd.) සහ ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.