• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිසිඳි පොල් කර්මාන්තකරුවන් සඳහා දිරිදීමනා ලබා දීම
- පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්තය තුළ ඉහළම විදේශ විනියමයක් උපයනු ලබන්නේ දිසිඳි පොල් කර්මාන්තයෙනි. 2017 වර්ෂය ආරම්භයේ සිට පැවැති නියඟය හේතුවෙන් පොල් අස්වැන්න අඩුවීමත්, දේශීය වෙළඳපොළ තුළ පොල් මිල ඉහළ යාමත් හේතුවෙන් 2016 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2017 වර්ෂයේ පළමු කාර්තුවේදී දිසිඳි පොල් නිෂ්පාදන අපනයනය 25%කින් පමණ අඩු වී ඇත. දේශීය වෙළඳපොළෙහි පොල් ගෙඩිවල මිල ඉහළ යාමට සමගාමීව නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් දිසිඳි පොල් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති අතර, පොල් සංවර්ධන අධිකාරියේ පොල් මෝල් සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 50ක මුදලක් භාවිත කරමින් එකී කර්මාන්තකරුවන් වෙත සහන සැලසීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.